Tuesday 21 May 2019

The most of mega successful people often do things without their conscious thought when they succeed eventually. How does that sound to you?

ලෝකයේ අතිශය සාර්ථකත්වයට පත් ව ඇති ලෝක ජනගහනයෙන් 3% ක් තරම් වූ මිනිසුන්, තම සාර්ථකත්වය සදහා තමා තුළ ස්වභාවයෙන් ම පැවතියා වූ හා නිරායාසයෙන් භාවිත කළ කුසළතාවන් පිළිබඳ සවිඥානක නැත.

එ නම්, දැනුවත් ව එම කුසළතාවන් පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට ඔවුන්ට නොහැකි බවයි. ඔවුන් සතු, ඔවුන් ව සාර්ථකත්වය කරා යාමට පහසුවෙන් ඉඩ සලසන එම කුසළතාවන් අනිවාර්යයෙන් ම ඔබ තුළ ද ඉතා හොඳින් පවතින බව සමහර විටෙක ඔබ නොදන්නවා විය හැකියි.

අතිශය සාර්ථකත්වයට පත් එම, මිනිසුන් බොහෝ විට ඔබට වඩා ඉහළ දක්ෂතා ඇති අය ද නොවේ. සමහර විටෙක ඔබට වඩා මහා බුද්ධිමතුන් ද නොවේ. ඔබ තරම් කැපවීමෙන්, වෙහෙස මහන්සි වී වැඩ කරන අය ද නොවේ. ඔවුන් වෙඩි දෙනෙක් අමුතු විශේෂ කුසළතාවන් රැසකට හිමිකම් කියන අය ද නොවේ. අප සැම දෙනා තුළ ම සැඟව පවතින, සාර්ථකත්වය කරා යාමට ඉතා පහසුවෙන් ඉඩ සලසන සමහර කුසළතාවන් 3% ක් වූ ඔවුන් තුළ නිරායාසයෙන් ම අවධි වී තිබීම ඔවුන් ගේ සාර්ථකත්වයට හේතුව බව හඳුනාගෙන ඇත. 

ජීවිතයේ යම් අවස්ථාවක, යම් පැහැදිලි හා බලාත්මක ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් එම දායාදය හිමි කරගෙන ඇති බව ඔබ නොදන්නවා විය හැකියි. අපගේ සාර්ථකත්ව වැඩසටහනට සහභාගී වීමෙන් එම සුවිශේෂී තත්ත්වය පිළිබඳ ව, ඉතා සරල ව හා සවිස්තරාත්මක ව ඔබව දැනුවත් කෙරෙනු ඇත. එහි දී, අප හඳුනා ගන්නා ප්‍රායෝගික යථාර්තයන් වටහා ගැනීම පහසු කරවීම සඳහා පුද්ගලයෙකු ගේ කුසළතාවන් හා සාමාර්ථයන් හා බැඳුනු අවධීන් හා අදියර 4 ක් පිළිබඳ සරල න්‍යායාත්මක කරුණු පැහැදිලි කිරීමකට අපි යොමු වෙමු.

(1) අවිඥානක අකුසලතාවන් (Unconscious Incompetence)
ඔබ තුළ නොමැති කුසලතාවන් පිළිබඳ ව ඔබ නොදන්නා බවයි. ඔබ යමක් නොදන්නා බව ඔබා නොදන්නේ නම්, ඒය ඉතා ම ප්‍රාථමික තත්ත්වයක්. යම් දෙයක් සම්බන්ධ ව දක්ෂ නොවන බව, දුර්වල බව, අවබෝධය අඩු බව වටහා නොගැනීම කෙනෙකුගේ දියුණුවට ඇති මහත් බාධාවකි. තමා නොදන්නා බොහෝ දේ දන්නා බවට සිතා සිටීම නිසා, බොහෝ දේ වරද්දා ගැනීමත්, එවන් දේ අලුතින් ඉගනීමට යොමුවීමට හෝ, දන්නා වෙනත් අයගේ සහය ලබාගැනීමට යොමු නොවීම, අතිශය ප්‍රතිගාමී තත්ත්වයකි. තමාගේ දැනුම් හිඩැස පිළිබඳ නොදන්නා බව නව දැනුම ගොඩනැංවීමට මහත් බාධාවකි.

(2) සවිඥානක අකුසලතාවන් (Conscious Incompetence)
ඔබ තුළ නොමැති කුසලතාවන් පිළිබඳ ව ඔබ හොඳින් ම දන්නා බවයි. තමාගේ අදක්ෂතා සහ දුර්වලතා පිළිබඳ වෙටහීමක් තිබීම නිසා ඔබව ඉදිරියට ගෙනයාමට වඩාත් පහසු වන්නේය. අලුතින් ඉගනීමට, නව දක්ෂතා වර්ධනය කරගැනීමට හෝ අදාළ ක්ෂේත්‍රයන් පිළබඳ දැනුමැති අය ගේ, ඇසුර, උදව් හෝ සේවය ලබාගැනීමට යොමුවීමට අවස්ථාව ගොඩනැගේ. 

(3) සවිඥානක කුසලතාවන් (Conscious Competence)
ඔබ තුළ ඇති කුසලතාවන් පිළිබඳ ව ඔබ හොඳින් ම දන්නා බවයි. ස්වකීය දක්ෂතාවන් යොදා ගනිමින්, කාර්ය සාධනය කරගැනීමට මෙම අවධියේ දී දන්නා නමුත්, සාර්ථකත්වය පිණිස, හොඳ පුහුණුවක්, සිහියෙන් යුතු ව සිත මෙහෙයවීමත්, කැපවීමෙන් වෙහෙස මහන්සි වී වැඩ කිරීමත් බොහෝ විට අවශ්‍ය වන්නේ ය. විවිධ පුද්ගල සංවර්ධන වැඩසටහන්, නායකත්ව පුහුණු වැඩසටහන්වලට සහභාගී වූ, බොහෝ පොත්පත් කියවූ, කුසලතා, දක්ෂතා රැසක් උපයා ගත් බොහොමයක් දෙනා මෙම අවධිය තුළ රැඳී සිටින බව ඔබට වැටහ ගත හැකි වේවි.

(4) අවිඥානක කුසලාතාවන් (Unconscious Competence)
අතිශයින් සාර්ථක බොහොමයක් දෙනා තමා තුළ සැඟවුණු සියුම් දක්ෂතා හා කුසලතාවන් අවිඥානක ව භාවිත කරමින් තම සාර්ථකත්වයට ඉතා පහසුවෙන් සපැමිණි අය යි. ඔවුනට තම කුසලතාවන් මැනවින් යොදාගෙන පහසුවෙන් අවශ්‍ය දේ සාක්ෂාත් කරගැනීමට මනා පරිචයක් ඇත. ඉතාම දක්ෂ නර්තන ශිල්පියෙකු ගැන සිතන්න. ඔහු ගේ එම කුසලතාවන් පිළිබඳ කතා කරන බොහෝ දෙනා පවසන්නේ ඔහු ගේ හැකියාව ඉබේට ම එන එකක් බවයි. නැත්නම්, නර්තනය ඔහු ගේ ඇඟේ ම තියෙන එකක් බවයි. වෙනත් අයෙකුට එම දක්ෂතාව ඉතා වෙහෙස මහන්සි වී පුහුණු වීමකින් පවා සමහර විටෙක ළඟාකර ගත නොහැකි වන අවස්ථා ඕන තරම් ඔබ දැක ඇති. එම නර්තන ශිල්පියාගේ ආකර්ෂණීය ලාලිත්‍ය වෙනත් අයෙකුට ඉගැන්වීමට ඔහුට ම පවා නොහැකි බව පැහැදිලි යි. හේතුව, ඔහු ගේ දක්ෂතාව පිළිබඳ ඔහු ද සවිඥානක නොවන බැවින් ය. ඔහු තරම් දක්ෂ ආකර්ෂණීය නර්තන ශිල්පියෙකු නොවන හොඳ පුහුණුකරුවෙකුට මෙ වන් දක්ෂ ශිල්පීන් ඕන තරම් බිහි කිරීමේ හැකියාව ඇත. ඒ නව ශිල්පියෙකු තුළින් එම කුසලතාව මතු කොට ගැනීමේ නිවැරදි ක්‍රමවේදය එම පුහුණුකරු හොඳින් ම දන්නා බැවින් ය. ඒ බැවින්, ඔබ තුළ සැඟව ගිය ඒ සාර්ථක මිනිසා අවධි කර දීම අපගේ කාර්ය යි. නමුත් ඒ ඔබ අප පිළිබඳ ව යම් කිසි හෝ විශ්වාසයක් ඇති ව අප ගේ වැඩසටහනට සහභාගී වන්නේ නම් පමණි.  

වැඩිදුර විස්තර සදහා අප අමතන්නට පසුබට නොවන්න. 0703291444
නැතහොත්, ඔබගේ සාර්ථකත්වය උදෙසා අපගේ සහාය ප්‍රයෝගික ව ලබා ගන්නට සහ වැඩිදුර විස්තර සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. Official Website

The Program that reveals you how to accelerate your learning and train your brain to improve your memory

ඕනෑම දෙයක් ඉතා පහසුවෙන් හා වේගවත් ව ඉගෙනීමට හා මතක ශක්තිය වර්ධනය කරගැනීමට, ඔබ හඳුනා ගත යුතු හා පුරුදු පුහුණු කළ යුතු නිවැරදි හා ප්‍රතිඵලදායී ක්‍රමවේදයන් පිළිබඳ ව සරල ව හා පැහැදිලි ව දැනගැනීමට මෙම වැඩසටහන ඔබට මහඟු පිටුවහලක් වේවි. 



වැඩි විස්තර සඳහා තවදුරටත් කියවන්න.... Read More...

The Program that reveals you how to easily accelerate your sales and quickly boost your revenue

නවක ව්‍යාපාරිකයෙකු හෝ අලෙවිකරුවෙකු ලෙස ඔබගේ විකුණුම් ඉහළ නංවාගැනීම උදෙසා ඔබ විසින් අනුගමනය කළ යුතු නිවැරදි හා ප්‍රායෝගික ක්‍රමෝපායයන් පිළිබඳ ව හා පුද්ගලයෙකු ලෙස ඔබ වෙනස් විය යුතු ආකාරය පිළිබඳ ලොව අංක එකේ අලෙවිකරුවන්ගේ අද්දැකීම් ඇසුරින් සකස් කරන ලද ඔබේ අලෙවි අද්දැකීම් වෙනස් ම මඟකට යොමු කරවන එක් දින වැඩසටහනකි. 



වැඩි විස්තර සඳහා තවදුරටත් කියවන්න.... Read More...

The Program that guides you to understand the most up-to-date essentials of ICT with all benefits and to learn how to use ICT effectively in business

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හෙවත් පරිගණක හා අන්තර්ජාල තාක්ෂණය පිළිබඳ ව එහි මූලිකාංග හා මූලධර්මයන් පිළබඳ ව නිවැරදි හා යථාර්තවාදී අවබෝධයක් මෙහි දී ලබා දෙනු ඇත. ඔබගේ ව්‍යාපාර ආයතනය තුළ සේවයේ නියුතු තාක්ෂණය හසුරවන්නන්, වඩාත් ඵලදායී ලෙස හා කාර්යක්ෂම ව අනුයුක්ත කිරීම සඳහා ඔබ මෙහි දී ලබන අවබෝධය අතිශය ප්‍රයෝජනවත් වන්නේ ය. 




වැඩි විස්තර සඳහා තවදුරටත් කියවන්න.... Read More...

Monday 20 May 2019

The Program that guides you how you can learn and improve your English yourself and to use the language effectively as a profitable business tool

දැනට ඔබ සතු ඉංග්‍රීසි භාෂාව පිළිබඳ අවම දැනුම යොදාගනිමින් ඉංග්‍රීසියෙන් කතා කළ හැකි වන්නේ කෙසේද යන්න හා ඉතා හොඳින් තම ව්‍යාපාරික ලිපි ලේඛණ සකස් කිරීම සඳහා ඔබට යොදා ගත හැකි විවිධ උපකාරක පිලිබඳ ව ද, ඉතාම කෙටි කලක් තුළ ඉතා ඉහළ ඉංග්‍රීසි දැනුමක් අත්පත් කර ගැනීමට එදිනෙද ඔබට යොදාගත හැකි ඉතා පහසු නොමිලයේ ම ලබාගත හැකි උපකාරක හා පහසුකම් පිළිබඳ ව ද, විශේෂයෙන් ම ව්‍යාපාරික මෙවලමක් වශයෙන් ඉංග්‍රීසි භාෂාව සුදුසු පරිදි යොදාගැනීම පිළිබඳ ව ද, ආදී ඉතා ම වටිනා දැනුම් සම්භාරයක් ඔබට මෙම වැඩසටහනට සහභාගී වීමෙන් උකහා ගත හැකි වන්නේ ය. 




වැඩි විස්තර සඳහා තවදුරටත් කියවන්න.... Read More...

The Program that helps you learn the secret sauce with other essentials on how to run online and social media campaigns

සාම්ප්‍රදායික ප්‍රචාරණ මාධ්‍යයන් අතික්‍රමණය කරමින් සීඝ්‍රයෙන් ඉදිරියට එන ඩිජිටල් ප්‍රචාරණ ක්‍රමවේදයන් පිලිබඳ ව නිවැරදි හා ප්‍රයෝගික දැනුම මෙන් ම ශිල්පීය ඥානය ලබාගැනීමේ අවශ්‍යතාව ඇති ව්‍යාපාරික හෝ නොවන ඕනෑම අයෙකු සදහා යෝග්‍ය එක් දින වැඩසටහනකි. 




වැඩි විස්තර සඳහා තවදුරටත් කියවන්න.... Read More...

The Program that helps you learn practical, step-by-step strategies for increasing your income and building wealth

මේ වන විටත් මහත් පරිශ්‍රමයෙන් යුතු ව තම ව්‍යාපාර කටයුතුවල නියැලෙන ව්‍යාපාරික ප්‍රජාව අරමුණු කරගත්, තම ශුද්ධ වත්කම් කෙටි කලක් තුළ වර්ධනය කරගනිමින් ස්ථාවර ධනවතෙකු වීමේ පැහැදිලි මඟ ඔබට හෙළි පෙහෙළි කර දෙන ඉතා වටිනා වැඩසටහනකි. 



වැඩි විස්තර සඳහා තවදුරටත් කියවන්න.... Read More...

The most of mega successful people often do things without their conscious thought when they succeed eventually. How does that sound to you?

ලෝකයේ අතිශය සාර්ථකත්වයට පත් ව ඇති ලෝක ජනගහනයෙන් 3% ක් තරම් වූ මිනිසුන්, තම සාර්ථකත්වය සදහා තමා තුළ ස්වභාවයෙන් ම පැවතියා වූ හා නිරායාසයෙන් භ...